කොරතොට බැලුම්ගල

ඓතිහාසික වටිනාකම් රැසකින් යුතු, කඩුවෙල කොරතොට කන්ද සොබාදහමේ රමණීය දායාදයකි. බැලුන්ගල නමින් හැඳින්වෙන මෙම කන්ද කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උසම ස්වභාවික ස්ථානය වන අතර, උසින් අඩි 400ක් පමණ වේ. ඉතා පෞරාණික අගයන් දරන මෙහි බිතු සිතුවම් නැතත්, සීගිරියට දෙවැනි වන්නාවු ආශ්චර්යවත් ස්ථථානයක් බව කිව යුතුය.

මේ කන්ද බැලුන්ගල ලෙස හැඳින්වෙනුයේ ධ්ධ් වැනි රාජසිංහ රජසමයේ රජතුමාගේ රාජපුරුෂයන් පෘතුගීසීන්ට විරුද්ධව ඔත්තු බැලු ස්ථානය වන බැවින් බව ඉතිහාසයේ සඳහන් වෙයි.සොබාදහම හා බැඳුණු සත්ව ගහනයක් වෙසෙන මෙහි වඳුරන්, රිලවුන් වර්ග 400ක් පමණ ද ඉත්තෑවන්, මීමින්නන්, කොළ දිවියන්, ඉබ්බන්, මුගටියන්, සර්පයන්, පිඹුරන් වැනි සතුන් විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. දුර්ලභ වර්ගයේ බෙහෙත් පැළැටි විශාල ප්‍රමාණයක්ද ඇත.

රණකෙලියට ප්‍රකට වූ නිසා කෙලි තොට වී පසුව එය ජන වහරෙන් කොරතොට වී ඇත. කොරතොට කඳු ශිකරය අතීත රාවණ රජුගේ යුධ බලකොටුවක් ලෙසද පසු කාලීනය වලගම්භා රජුගේ යුද පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ද පසුව ටිකිරි කුමරැගේ ප්‍රධාන අංගං සටන් මධ්‍යස්ථානය ලෙසට ද පැවත ඇත. මේ කරැණු එයි ලියැවී ඇති සෙල්ලිපි වලින් පවා සනාථ වේ. ටිකිරි කුමරුන් සමඟ මුල්ලේරියා මහා සංග්‍රාමයට එක්වී එය ජයග්‍රහනය කිරීමේ භාග්‍යය අප පරම්පරාවට හිමි වේ. අප අදටද ජීවත් වනුයේ සටන් විජයග්‍රහනය ලැබූ හේවාගම් කෝරලයේ නින්දගම් භූමියේ ය. ඒ සාක්ෂිද අදටත් ජීවමාන ය.

No comments:

Post a Comment